ඔරලෝසුව කෝටි 5ක් නෙමෙයි කෝටි 1.5යි

තමන් ඩුබායිහිදී මිලදී ගත් අත් ඔරලෝසුවේ වටිනාකම ඉන්දී රුපියල් කෝටි 1.5ක් බව ඉන්දී සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

හර්දික් පාණ්ඩයා ඩුබායි සිට පැමිණීමේදී ඉන්දිය රුපියල් කෝටි 5ක් පමණ වටිනා අත් ඔරලෝසුවක් රැගෙන ආ බවත් එම මිලදී ගැනීම්වලට අදාළව නීත්‍යානුකූල ලියවිලි ඉදිරිපත් කිරිම අපොහොසත්වී හේතුවෙන් ඉන්දිය රේගුව විසින් එය රඳවාගත් බවත් ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කළේය.

කෙසේ වෙතත් එයට පිළිතුරු දෙමින් පාණ්ඩ්‍යා සඳහන් කළේ අත් ඔරලෝසුවේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 1.5ක් බවත් ඒ සඳහා වන ලියවිලි තමන් රේගුවට ඉදිරිපත් කළ බවත්ය. 

තමන් විසින්ම රේගුවට ගොස් තමා රැගෙන ආ භාණ්ඩ රේගුවට ඉදිරිපත් කළ බවත් මේ පිළිබඳව පැතිර යන වාර්තා අසත්‍ය බවත් පාණ්ඩ්‍යා පවසයි.

කෙසේ වෙතත් පාණ්ඩ්‍යා මේ තරම් අධික වටිනාකමකින් යුත් අත් ඔරලෝසුවක් මිලදි ගැනීම පිළිබඳව ඇතැම් ඉන්දීය ජාතිකයන් විවේචනාත්මක අදහස් පළ කර තිබුණි.

මෙහිදී එක් අයෙක් ප්‍රශ්න කර තිබුණේ ක්‍රිකට් ක්‍රීඩකයෙන් ඉන්දිය රුපියල් කෝටි පහක අත් ඔරලෝසුවක් මිලදී ගන්නා විට තවත් පුද්ගලයෙකුට එම මුදල සිය ජීවිත කාලයේදිම උපයා ගත නොහැකි බවයි. අනෙක් අතින් ලෝක සාගිනි දර්ශකයේ ඉන්දියාව පහළම සිටින බවත් රාජේන්ද්‍ර කුමාර් නමින් පෙනී සිටින්නෙක් පවසයි.

අත් ඔරලෝසුවක සම්පුර්ණයෙන්ම රනින් නිපදවූවානම් එය කෝටි පහක් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන තවත් පුද්ගලයෙක් පවසන්නේ කුමන ලෝහයකින් එය නිර්මාණය කර ඇති යන්නයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *