අද සිට ලබාදෙන බූස්ටර් එන්නත

සෞඛ්‍ය සේවකයින් ඇතුළු ඉදිරිපෙළ කාර්ය මණ්ඩල සඳහා තුන්වෙනි එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාදීමේ කටයුතු ජාතික රෝහල සහ රිජ්වේ ළමා රෝහල ඇතුළු ප්‍රධාන රෝහල්වල දී අද (01) සිදු කිරීමට නියමිතයි.

ෆයිසර් කොවිඩ් මර්දන එන්නත මෙහිදී ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කර ඇත්තේ.

දෙවෙනි එන්නත් මාත්‍රාව ලබා ගෙන මාස 6ක් ගතවූ පසු බූස්ටර් එන්නත ලබා දෙන බවත් මුලින්ම එන්නත ලැබෙන්නේ රෝගීන් සමග ඉදිරිපෙළ ගැටෙන සෞඛ්‍ය අංශ සේවකයන්ට , ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසුගිය දා සඳහන් කළා.

ගුවන්තොටුපොළ , වරාය සංචාරක යනාදී ක්ෂේත්‍රවල යෙදී සිටින අයට ඉන්පසු එන්නත ලබා දෙන බව පැවසූ ඒ මහතා ඉන්පසු මෙරට වයස 60ට වැඩි පුද්ගලයන්ට බූස්ටර් එන්නත ලබාදීමට බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබෙනවා.

ඉන්පසු වයස තිහත් හැටත් අතර විවිධ රෝගාබාධ ඇති අයටද ඊට පසු අවුරුදු 20ට අඩු සියලුම දෙනාටද බූස්ටර් එන්නත ලබා දීමට බලාපොරොත්තු වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *